වේවැල් කසාය
දේශීය හස්ත කර්මාන්තයක් වශයෙන් වේවැල් කර්මාන්තය ශී‍්‍ර ලංකාවේ දේශීය අනන්‍යතාව පිළිඹිබු කරන සංකේතයක් වශයෙන් පෙන්වා දිය හැකිය. ශ‍්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත අතර වේවැල් කර්මාන්තයට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වේ. වේවැල්දෙණයි - රදාවඩුන්න ප‍්‍රදේශ අතීතයේ සිටම දෙස් විදෙස් සංචාරකයන් අතර වේවැල් භාණ්ඩ නිෂ්පාදනයට ප‍්‍රසිද්ධියක් උසුලයි. මාගේ වාර්තා චිත‍්‍රපටයේ ප‍්‍රධාන අරමුණ වන්නේ වේවැල් භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රියාවලිය හා වර්තමානයේ වේවැල් කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග හා ඒ ස`දහා ගත හැකි පියවර පිළිබ`දව සාකච්ඡුා කිරීම යි.
මෙම කර්මාන්තය වර්තමානය වන විට සීමිත පිරිසකට පමණක් සීමා වී ඇති අතර ආදේශක භාණ්ඩ භාවිතයට ජනතාව හුරු පුරුදු වීම හේතුවෙන් වේවැල් නිෂ්පාදනය හා අලෙවිය අවම වී තිබේ. මේ තත්ත්වය මත වර්තමානයේ වේවැල් කර්මාන්තයේ නිරත වේවැල් කාර්මිකයන් මෙම දේශීය හස්ත කර්මාන්තය අභාවයට යාමට නොදී තවදුරටත් රැුකගෙන ඉදිරියටත් පවත්වා ගෙන යාමට දැඩි වෙහෙසක් ගනී.
වේවැල් උපයෝගී කොට ගෙන නිවසට හා ගොවිතැනට අවශ්‍ය විවිධ උපයෝගීතා භාණ්ඩ නිපදවීම ඈත අතීතයේ සිටම පැවති කර්මාන්තයක් බවත් එකල ලංකාවේ වේවැල් බහුලව දක්නට ලැබුණු බවත් වේවැල් කර්මාන්තයේ ඉතිහාසය දෙස බලන කල අපට පැහැදිලි වේ. වේවැල් කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ කුඩා කර්මාන්ත අතර දිගු ඉතිහාසයකට උරුමකම් කියන කර්මාන්තයකි. එය වර්ෂ 1965 දී රදාවඩුන්න ගමේ ජීවත් වූ ධර්මදාස මහතා විසින් ආරම්භ කරන ලද්දක් ලෙස සැලකේ. මෙසේ ධර්මදාස මහතා විසින් ගම්මානය පුරා ව්‍යාප්ත කරනු ලැබූ වේවැල් භාණ්ඩ අද දක්වාම පාරම්පරික කර්මාන්තයක් ලෙස ලංකාව පුරාම ප‍්‍රසිද්ධ වී ඇත.
ශ‍්‍රී ලංකාව පුරාම වේවැල් කර්මාන්තය ස`දහා වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලන්නනේ රදාවඩුන්න හා වේවැල්දෙණිය ප‍්‍රදේශයි. කොළඹ සිට නුවරට යන මග දෙපස කුඩා වේවැල් නිෂ්පාදන වෙළ`දසැල් අපට දැකගත හැකිය. හස්ත කරමාන්තයක් වශයෙන් වේවැල් කර්මාන්තයද දේශීය දැනුම තුළින් සිදු කරනු ලබන්නකි. නිර්මාණශීලී හැකියාවත්, දෑතේ හුරුවත්, පාරම්පරික දැනුමත් ඔස්සේ වර්තමානයේ දී විවිධ වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබයි. ඒ නිසා වේවැල් කර්මාන්තයේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ගේ විශාල වෙනසක් සිදුව තිබෙනු දැකගත නොහැකිය.
රදාවඩුන්න හා ඒ අවට ප‍්‍රදේශවල අතීතයේ වේවැල් නිෂ්පාදනය කළ පවුල් සංඛ්‍යාව 1490 ක් පමණ වුවද අද වන විට එම ප‍්‍රමාණය පවුල් 400 පමණ දක්වා අඩු වී ඇත. වේවැල් කර්මාන්තයේ ප‍්‍රධාන අමුද්‍රව්‍ය වේවැල් ය. අතීතයේ ඔවුන් ගම අභ්‍යන්තරයට වන්නට හැතැප්ම දහයක් පහළොවක් ගමන් කළවිට වේවැල් අවශ්‍ය තරම් කපා ගෙනැවිත් ඇත. රදාවඩුන්න ආසන්නයේ ඇති වේවැල්දෙණයි ග‍්‍රාමයේත් ඒ අවට කැළෑ ප‍්‍රදේශවලත් වේවැල් බහුලව පැවති බව ගම්වැසියෝ ප‍්‍රකාශ කරති. එහෙත් වර්තමානයේ ඔවුන් රත්නපුරය ,ගාල්ල ,අම්පාර, මනම්පිටිය, බිබිල, පොළොන්නරුව වැනි ලංකාවේ නොයෙක් ප‍්‍රදේශ වලින් වේවැල් ගෙන්වා ගැනීම සිදු කරයි.
එහෙත් මෙම වේවැල් ප‍්‍රමාණවත් තරම් ලංකාවේ නොමැති නිසා විදෙස් රටවලින් ආනයනය කිරීමටද ඔවුනට සිදුව ඇත. හීන් වේවැල් හා මා වේවැල් අතීතයේ බහුලව භාවිත කළ ද මැලේසියාවෙන් ආනයනය කරන වේවැල් වර්තමානයේ බහුල වශයෙන්ම භාවිත කරනු ලබයි. එපමණක් නොව අද වන විට වේවැල් ප‍්‍රවාහනය ස`දහා බලපත‍්‍ර ලබා ගැනීමේ දුෂ්කරතාවයක් පවතින බවත් ඇතැම් අවස්ථාවලදී බලපත‍්‍ර නොමැතිව පවා වේවැල් ගෙන ඒම සිදු කරන බවත් කර්මාන්තයෙහි නියැලෙන්නන් පවසති. වර්තමානයේ විශාල අමුද්‍රව්‍ය හි`ගයක් පවතින නිසා ගෙන්වන අමුද්‍රව්‍ය ද ඉහළ මිලකට ලබා ගැනීමට සිදු වීමෙන් නිෂ්පාදන භාණ්ඩ වල මිල ද ඉහළ දැමීමට ඔවුනට සිදුව ඇත. එබැවින් මෙම කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය අවම මිලට සපයා ගැනීම ස`දහා රජයේ සහාය ලබා දිය යුතුය. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම`ගින් සමිති හරහා වේවැල් ලබා ගැනීමට අවශ්‍ය බලපත‍්‍රයක් ලබා දිය යුතුය. දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි පවත්නා හස්ත කර්මාන්ත සමිති හරහා බලපත‍්‍ර ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
මෙම වේවැල් කර්මාන්තකරුවන් විසින් සකස් කරන වේවැල් නිෂ්පාදන රාශියකි. එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමට මොවුන් සතුව සුවිශේෂී හැකියාවක් පවතී. වේවැල් භාණ්ඩ නිර්මාණය කිරීමේ දී ඒවායේ ආකර්ෂණයී භාවය උදෙසා, විවිධ රටාවන් භාවිත කරන බැවු ද එම කර්මාන්තයේ නියැලෙනන්නන් සමග කල කතා බහේ දී මා හට දැන ගන්නට ලැබිණ.
මුල් කාලීන වේවැල් ආශ‍්‍රිත ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහිලා වැඩි අවධානයක් යොමුව පැවති නමුත් වර්තමානයේ සෑම නිෂ්පාදකයෙකුම පාහේ විසිතරුැ භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි යොමු වීමේ වැඩි ප‍්‍රවණතාවක් දැක ගත හැකිය. වේවැල් වලින් සැකසූ විවිධ සත්ව රූප ස`දහා හො`ද ඉල්ලුමක් පැවතිය ද එවැනි නව නිර්මාණ කෙරෙහි යොමුවන වේවැල් නිර්මාණකරුවන් ප‍්‍රදේශයටම සිටිනුයේ ඉතා සීමිත පිරිසක් පමණක් බව පෙනේ. මීට අමතරව පාරම්පරික දැනුම මගින් සිදු කරන වේවැල් භාණ්ඩයන්හි දේශීයත්වය පිළිබිඹු වන නිර්මාණ වර්තමානයේදීත් නිර්මාණය වනු දැක ගත හැකිය. නමුත් ඒ ඉතා සීමිත ප‍්‍රමාණයකි.
මෙලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කිරීම ඔවුනට වර්තමානයේ දුෂ්කර කාර්යයක් වී ඇත. කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගය දෙපස මෙම වේවැල් නිෂ්පාදකයින් අලෙවිසැල් පවත්වාගෙන යාම සිදුකරන අතර ඇතැම් නිශ්පාදකයින් ඊට අමතරව වේවැල් පුට ුආදිය නිවෙසින් නිවෙසට ගොස් ඉතා මහන්සි වී අලෙවි කිරීමද සිදු කරත් ඔවුනට ඔවුනගේ එදිනෙදා මුදල සොයා ගැනීමට නොහැක්කෙ ් ය.
මේ තත්වය මත වර්තමානය වන විට වේවැල් කර්මාන්තය ඉතාමත් වේගයෙන් අභාවයට යමින් පවතී. වැඩිහිටි වේවැල් නිෂ්පාදකයින් හැරුණුවිට මෙම කර්මාන්තය වෙත යොමු වී සිටින තරුණ පිරිස අතළොස්සකි. තවත් පරම්පරා දෙක තුනක් යාමට මත්තෙන් මෙම ප‍්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වේවැල් කර්මාන්තය තුරන්ව යාමේ අවධානමක් ඇත. මේ ස`දහා අමුද්‍රව්‍ය හි`ගයත්, අමුද්‍රව්‍ය අධික මිලකින් යුක්ත වීමත් ශ‍්‍රමික හි`ගයත් වර්තමානයේ ප‍්‍රමුඛව දැක ගත හැකි ගැටලූ වන්නේය.
මේ වනවිට අභාවයට යාමේ තර්ජනයට ලක්ව ඇති මෙකී කර්මාන්තය රදාවඩුන්න ගමෙහි කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගය දෙපස ජීවත්වන සීමිත පිරිසකට පමණක් ව්‍යාප්තව ඇත. මෙම තත්ත්වය මත වේවැල් කර්මාන්තකරුවන් න`ගා සිටවීුමට හා ඒ සම්බන්ධ දැනුම ආරක්ෂා කිරීම ස`දහා සමාජයේ අවධානය යොමු විය යුතුය. එසේම වර්තමාන තර`ගකාරී ජීවන රටාවට සරිලන වැටුපක් ලබා දීම තුළින් දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීම කළ යුතුය.